ජාත්‍යන්තර සිසුන්ගේ TR වීසා කාලය තවත් දිගු කරයි

ඔස්ටේ්‍රලියාව තුළ අධ්‍යයන පාඨමාලා හදාරා අවසන් කල සිසුන්ට ලබාදෙන TR වීසා බලපත්‍රයේ කාලසීමාව තවත් දිගු කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

දැනට උග්‍ර සේවක හිගයක් පවතින ක්ෂේත්‍රවලට අදාළ උපාධි හෝ ඉන් ඉහළ අධ්‍යයන පාඨමාලා සඳහා එම නියමය බලාත්මක වනු ඇති.

මේ අනුව තෝරාගත් උපාධි පාඨමාලා සඳහා දැනට හිමිවන වසර 02 ක TR බලපත්‍රය වසර 04 දක්වා දිගු කිරීමට නියමිතයි.

Masters සඳහා වසර 03 සිට වසර 05 දක්වාත් – PhD සඳහා වසර 04 සිට වසර 06 දක්වාත් TR බලපත්‍ර ලබාදීමටයි ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ.

ශිෂ්‍ය වීසා බලපත් හිමියන් සඳහා දැනට ලිහිල් කර ඇති අර්ධ කාලීන (part time) රැකියා කල හැකි පැය ගණනේ උපරිමය ලිහිල් කිරීමේ නීතිය ලබන වසරේ ජූනි දක්වා තවත් දිගු කිරීමටද තීරණය කර තිබෙනවා.

එමෙන්ම පාඨමාලාව ආරම්භයට පෙර සිටම ඔවුන්ට රැකියා සඳහා නිරතවීමට අවසර හිමිවන නීති සංශෝධනයක්ද සිදුකිරීමට නියමිතයි.

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »