ගිලන් රථ ප්‍රමාද මරණ ගැන වික්ටෝරියා අගමැති සමාව අයැදී

වික්ටෝරියා ගිලන් රථ සේවයේ ප්‍රමාදය හමුවේ පුද්ගල මරණ 33 ක් සිදුවීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට පත්වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

අදාළ වින්දිත පවුල්වලින් තමා පුද්ගලිකවම සමාව අයැද සිටින බවයි අගමැතිවරයා සඳහන් කලේ.

වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවය හෙවත් 000 හි ප්‍රමාදයන් සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තාවක් පසුගිය සෙනසුරාදා නිකුත්වුණා.

පසුගිය මාස කිහිපය තුළ ප්‍රාන්තය තුළ සිදුවූ මරණ 33 කට ප්‍රධානම හේතුව ගිලන් රථ ප්‍රමාදය බවටයි එමගින් චෝදනා කර තිබුණේ.

මෙම වාර්තාව නිකුත් කිරීමෙන් පසු ඩැනියල් ඇන්ඩෲස් විසින් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් සිදුකල පළමු අවස්ථාවද මෙය වනවා.

කෙසේවෙතත් අදාළ කාල සීමාව තුළ සඳහා ලැබුණු ඇමතුම්වලින් සියයට 90 කට පමණ තත්පර 05 ක් ඇතුළත ප්‍රතිචාර දක්වා ඇති බවත් අගමැතිවරයා සඳහන් කර සිටියා.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »