වික්ටෝරියා සංගීත සංදර්-ශනවලට කොවිඩ් නිසා වූ පාඩුව ගැන අනාවරණයක්

කොවිඩ් වසංගත තත්වය හමුවේ සංගීත සංදර්ශන නොපැවැත්වීමෙන් වික්ටෝරියා ආර්ථිකයට සිදුවූ හානිය ඩොලර් බිලියන 1.7 ක් බවට තක්සේරු කර තිබෙනවා.

එම කර්මාන්තය ආශ්‍රිතව දිවි ගෙවන 116,000 කට ආසන්න පිරිසකගේ ජීවනෝපායන්ට එමගින් බාධා පැමිණි බවටයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

කොවිඩ් ලොක්ඩවුන් සීමා බලාත්මක නොවුණද තවමත් ප්‍රසංගවලින් අඩකට වඩා ආරම්භ වී නොමැති බවද සඳහන්.

ඇතැම් ප්‍රසංග සංවිධායකයන් අවධානමක් ගෙන සංදර්ශන පැවැත්වීමට අකමැත්ත පළකර තිබීම ඊට හේතුවයි.

කොවිඩ් තත්වයට පෙර පැවති තත්වයට ප්‍රසංග නැවත ආරම්භ කිරීම සඳහා වික්ටෝරියා රජයේ පූර්ණ සහය අත්‍යවශ්‍ය බවද මෙම වාර්තාවේ දක්වා තිබෙනවා.

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »