ජෙට් ස්ටාර් මගීන් දහස් ගණනක් සතියක් පුරා රටවල් කිහිපයක සිරවෙයි

ජෙට් ස්ටාර් ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් රටවල් කිහිපයක සිරවී සිටින බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපය පුරා ඉන්දුනීසියාව – තායිලන්තය සහ ජපානයේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණිමට නියමිත වූ ගුවන් වාර කිහිපයක්ම අවලංගු කෙරුණේ තාක්ෂණික දෝෂ හේතුවෙනුයි.

බාලි දූපත් සිට මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ඔස්ටේ්‍රලියානුවන් 4000 කට ආසන්න පිරිසක්ද ඊට අයත්.

කෙසේවෙතත් ජෙට් ස්ටාර් ගුවන් සේවය පවසන්නේ ගුවන් ගමන් අවලංගු වීම හමුවේ අපහසුතාවයට පත් ගුවන් මගීන්ට ඉඳුම් හිටුම් – ආහාර සහ ප්‍රවාහන පහසුකම් සළසා ඇති බවයි.

මේ අතර මෙල්බන් සිට ගමනාන්ත කිහිපයකට ගමන් කිරීමට සිටින ජෙට් ස්ටාර් මගීන් විශාල පිරිසක් දැඩි අවිනිශ්චිතභාවයක පසුවන බවයි ගුවන් තොටුපළ වාර්තා පවසන්නේ.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »