පිනක් දහමක් කරගෙන ඉන්න – වෙල්ගම ගෝඨා ට කියයි

නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) උදෑසන විවෘත කෙරුණි.

එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසිනි.

හිටපු ජනාධිපති නි චන්ද්‍රිකා බණ්ඩාරනායක ද එම අවස්ථාවට එක්ව තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් නව ලංකා නිදහස් පක්ෂයේ නායක, කුමාර වෙල්ගම සුබ පැතුම් එක්කර තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෙල්ගම පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට එක්නොවිය යුතු බවය.

“මහින්ද මහත්තයා හොඳ කෙනෙක් වුණාට රටට වැඩිය පවුලට ළැඳියි. එහෙම නැත්නම් එතුමාට ගියපාර ජ්‍යෙෂ්ඨත්වය දුන්නා නම් අද වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති, ඒ වගේම මේ වෙච්ච ඇබැද්දිය එතුමාට කවදාවත් වෙන්නේ නෑ. ගෝඨාභය මහත්තයා අවුරුදු 2කට අඩු කාලයක් තුළ මම හිතන්නේ ජනාධිපති ධුරය අතහැරලා දාලා, උමං මාර්ගයෙන් මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිත් තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. ඔබතුමා ඔහොම ඉන්න. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ. සමහර අය කියනවා අගමැතිකම දෙනවා කියලා. ඊට වැඩිය හොඳයි ඔබතුමාට පින්වන්ත නෝනාකෙනෙක් ඉන්නවා. එයත් එක්ක තියෙන පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටියා නම් හොඳයි කියලා. අනුන්ගේ රැවටිලිවලට අහුවෙන්න නම් එපා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේ. අපේ කටවල් හොඳ නෑ. අපි මොනවා කියයි ද දන්නේ නෑ”

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »