නිවු සවුත් වේල්ස් කැසිනෝ නියාමන නව කොමිසම අද සිට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමට පත් කල නව කොමිසම අද සිට බලාත්මක වනවා.

මුදල් වංචා ඇතුලු අක්‍රමිකතා කෙරෙහි නීතිමය පියවර ගැනීමට නව කොමිසමට වැඩි බලතල පවරා ඇති අතර ඩොලර් මිලියන 100 ක උපරිමයක් දක්වා දඩ පැණවීමටද ඔවුන්ට එමගින් බලතල පැවරී තිබෙනවා.

එමෙන්ම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පූර්න වෙනසකට ලක් කිරීමටද නව කොමිසම අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රාන්තයේ සියලුම කැසිනෝ මධ්‍යස්ථාන නියාමනයට සහ අධීක්ෂණයට උපරිම පියවර ගන්නා බවටයි ඔවුන් සහතික වන්නේ.

සිඩ්නි හි සුප්‍රකට ස්ටාර් කැසිනෝ මධ්‍යස්ථානය ආශ්‍රිතව සිදුව ඇති බව පැවසෙන මුදල් වංචා සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පළමුවෙන් විමසා බැලීමටයි නියමිතව ඇත්තේ.

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »