Search

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම මත්පැන් අලෙවිසැල් ජාලයක රැකියා 2200 ක්

නව සේවකයන් 2200 ක් මෙම සතිය තුළදී බඳවා ගැනීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම මත්පැන් අලෙවිසැල් ජාලයක් වන Dan Murphy’s කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ලබන 11 වනදා දක්වා රට පුරා පිහිටි සිය අලෙවිසැල් 258 න් ඕනෑම එකක් වෙත පැමිණ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බවයි ඔවුන් දන්වා සිටින්නේ.

එළඹෙන නත්තල් සමය ඉලක්ක කර කාර්ය බහුල කාලසීමාවක් උදාවීම සැළකිල්ලට ගෙනයි Dan Murphy’s මෙම රැකියා පුරප්පාඩු නිර්මාණය කර ඇත්තේ.

වයස අවුරුදු 18 ට වැඩි සිසුන්ගේ සිට විශ්‍රාමිකයන් දක්වා ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි වනවා.

එක් අයෙකු වෙනුවෙන් විනාඩි 10 ක උපරිමයක් යටතේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බැවින් කිසිදු අපේක්ෂකයෙකුට දිගු වේලාවක් බලා සිටීමට සිදු නොවන බවටද Dan Murphy’s සහතික වනවා.

ඇතැම් රැකියා ඉතාම ඉක්මණින් ආරම්භ කෙරෙන අතර බහුතර රැකියා සඳහා අවම වශයෙන් සතියකට පැය 20 ක හෝ සේවා කාලයක් හිමියි.

නිවු සවුත් වේල්ස් හි අලෙවි සැල් සඳහා රැකියා 670 ක් / ක්වීන්ස්ලන්ඩ් හි 570 ක් / වික්ටෝරියා හි 530 ක් / බටහිර ඔස්ටේ්‍රලියා හි 280 ක් සහ දකුණු ඔස්ටේ්‍රලියා හි 140 ක් ලෙස මෙම පුරප්පාඩු පවතිනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »