2024 දක්වා Cash rate අගය වැඩිවන ළකුණු

ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය ඉහළයාම 2024 වසර දක්වා සිදුවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කරනවා.

නත්තල් සමය වනවිට එය සියයට 3.1 ක් දක්වාද ලබන පෙබරවාරි මාසය වනවිට සියයට 3.35 ක උපරිමයක් දක්වාද වැඩි විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ටේ්‍රලියානු සංචිත බැංකු විධායක මණ්ඩලය හෙට රැස්වන අතර උද්ධමනය පාලනය කිරීමේ අරමුණ ඇතිව අඛණ්ඩව 05 වන මාසයටත් පොළී අනුපාත ඉහළ දැමීම පිළිබඳ තීරණයක් එහිදී ගැනීමට නියමිතයි.

ඊට සමගාමීව වාණිජ බැංකු විසින් cash rate අගයන්ද වැඩි කරනු ඇති.

විශේෂයෙන් උකස් ණය වාරික ගෙවන්නන්ට මෙය හිසරදයක් බවට පත්වන පුවතක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සියයට 0.25 ත් 0.5 ත් අතර අගයකින් පොළී අනුපාත වැඩි කරනු ඇති බවත් ඒ අනුව cash rate අගයද සියයට 2.35 කින් පමණ වැඩි කෙරෙනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකරනවා.

එසේ වුවහොත් 2014 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය ඉහළම අගයිකින් වැඩි කෙරෙන පළමු අවස්ථාව බවට එය පත් වනු ඇති.

උකස් වාරික ගෙවන අයෙකුට මේ අනුව සිය වාරිකය ඩොලර් 144 කින් පමණ වැඩි වනු ඇති බවට අපේක්ෂා කල හැකියි.

ඒ අනුව මැයි මාසයේ සිට මේ දක්වා සිදුවූ උකස් වාරික වැඩිවීම ඩොලර් 600 ක් පමණ වනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »