Hi mum ගෙන් පසු Dad – ඔස්ටේ්‍රලියාවේ මේ දිනවල බහුලව සිදුවන scams මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළ මේ දිනවල බහුලව සිදුවන scam ඝනයට අයත් වංචා කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් හසුවී ඇති වංචාව වන්නේ Hi mum නමින් ජනප්‍රිය වූ වට්ස්ඇප් හරහා සිදුකරන වංචාවටයි.

එමගින් ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 02 කට ආසන්න වනවා.

මේ වනවිට වැඩිම වශයෙන් වාර්තාවන තවත් වංචාවක් වන්නේ Dad යන නමින් පැමිණෙන කෙටි පණිවිඩය ඇතුළත් වංචාවයි.

තමන් පෙට්‍රල් පිරවුම්හලක සිටින බවත් වැරදි බැංකු කාඩ්පතක් හේතුවෙන් ඉන්ධන මිළදී ගැනීමට නොහැකි වී ඇති බවත් දක්වමින් කෙටි පණිවිඩයක් පැමිණීමයි මෙහිදී සිදුවන්නේ.

බැංකු ගිණුම් අංකයකට ඩොලර් 150 ක් තැන්පත් කරන ලෙසද එමගින් ඉල්ලීමක් කෙරෙනවා.

කොවිඩ් ආසාධිතයෙකු සමග සමීපව කටයුතු කර ඇති බව දක්වමින් නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් ලබා ගන්නා ලෙස Medicare කෙටි පණිවිඩයක් පැමිණෙන වංචාවක්ද මේ දිනවල ක්‍රියාත්මකයි.

වැරදි ලිපිනයක් හේතුවෙන් Australia post වෙත ලැබී ඇති පාර්සලයක් බෙදා හැරීම අපහසු වී ඇති බවට පැමිණෙන වංචා සහගත ඊ-මේල් පණිවුඩය ලැබෙනුයේ පහත අයුරිනුයි.

බදු සංචාවකට සම්බන්ධ බවට මෙන්ම refund ලෙස මුදලක් හිමි බවටත් ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලයෙන් (ATO) පැමිණෙන scam ඝනයට අයත් පණිවිඩ 02 ක් පහත ආකාරයෙන් ලැබෙනු ඇති.

Woolworths සමග නිවසේ සිට සේවා කල හැකි බවත් එමගින් ඩොලර් 200 කට වැඩි මුදලක් ඉපැයිය හැකි බවත් පවසා ලැබෙන කෙටි පණිවිඩයක් හරහා මුදල් වංචා කිරීමක්ද සිදුවනවා.

මීට අමතරව DHL ඇතුලු ආයතන ගණනාවකින් බවට ලැබෙන විවිධ වංචා පිළිබඳ තොරතුරු පහතින් ලබාගත හැකියි.

https://www.9news.com.au/national/scams-in-australia-hackers-online-email-texts-targeting-innocent-people-in-pictures/eaf2016c-b71f-42d5-ab20-c5ce51880b04

 

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »