තවදුරටත් රැකියා කිරීමට කැමති විශ්‍රාමිකයන්ට $ 4000 ක දීමනාවක්

තවදුරටත් රැකියා කිරීමට කැමති විශ්‍රාමිකයන්ට එක් වරක් පමණක් ගෙවන ඩොලර් 4000 ක දීමනාවක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ විශ්‍රාම වැටුපට කිසිදු බාධාවක් නොවන පරිදි මෙම දීමනාව ලබාදෙන බවයි කැන්බරා නුවර පැවති රැකියා සහ නිපුණතා සමුලුව නිමාවට පත් කරමින් අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

ඔස්ටේ්‍රලියාවේ සේවක හිගය මගහරවාලීමට අදාළ යෝජනා 36 ක් මෙම සමුලුවේදී සම්මත කරගත් බවයි අගමැතිවරයා සඳහන් කලේ.

දැනට විශ්‍රාමික ඔස්ටේ්‍රලියානුවෙකුට ඉපැයිය හැකි උපරිම වාර්ෂික වැටුප ඩොලර් 7,800 ක්.

එහෙත් වැඩි පැය ගණනක් සේවය කිරීමට කැමති විශ්‍රාමිකයන්ට එම රෙගුලාසිය බල නොපාන පරිදි නීති සංශෝධනය කිරීමටයි ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ.

මෙම තීරණය තාවකාලික බවත් ලබන ජූනි මාසයේදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා කියාසිටියා.

මේ හරහා රජයට දැරීමට සිදුවන අමතර මුදල ඩොලර් මිලියන 55 ක්.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »