පුහුණු ශ්‍රමික කෝටාව වැඩි කිරීම ගැන අගමැතිගෙන් යළි ඉගියක්

කොවිඩ් වසංගතය අතරතුර තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට තම මව් රටවලට යන ලෙස හිටපු අගමැති ස්කොට් මොරිසන් සිදුකළ ප්‍රකාශය වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් දැඩි ලෙස විවේච්චනය කරනවා.

උද්ගතව ඇති දැඩි පුහුණු ශ්‍රමික හිගයකට ද එය හේතුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට මධ්‍යම රජයෙන් කිසිදු ආර්ථික සහනයක් නොදුන් බවටත් අගමැති ඇල්බනීස් චෝදනා කරනවා.

මෙවැනි බුද්ධිමත් නොවන තීරණ හමුවේ ඔස්ටේ්‍රලියාව පිළිබඳ ජාත්‍යන්තරයේ පැවති ප්‍රතිරූපය යහපත් නොවූ බවද අගමැතිවරයා සඳහන් කලා.

ඔස්ටේ්‍රලියාවේ වාර්ෂික සංක්‍රමණ කෝටාව 160,000 සිට 200,000 දක්වා වැඩි කල යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

සැප්තැම්බර් 01 සහ 02 දෙදින කැන්බරා නුවරදී පැවැත්වීමට නියමිත රැකියා සහ නිපුණතා සමුළුවේදී ඒ පිළිබඳ තීන්දු තීරණ රැසක් ගැනෙනු ඇති බවටද වාර්තා පළවනවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ දැනට පවතින පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය පිරවීම සඳහා තාවකාලික සංක්‍රමණයෙන් ඔබ්බට සළකා බැලිය යුතු බවයි.

hospitality සහ ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල විදේශීය ශ්‍රමිකයින්ට ස්ථිර සංක්‍රමණයට ඉඩ දීම සඳහා තවත් මාර්ග තිබිය යුතු බව ද ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »