වම් පාදයෙන් A/L ලියූ සිසුවියකට A සාමාර්ථ 3 ක්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටිමින් A සාමාර්ථ තුනක් හිමිකර ගැනීමට දෑත් මෙන්ම පාදයක් ද අහිමි ශිෂ්‍යාවක් සමත් වී තිබෙනවා.

එම දිරිය දියණිය නමින් රශ්මි නිමේෂා ගුණවර්ධනයි.

ඇහැලියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය හැදෑරූ රශ්මි මෙම දක්‍ෂතාව දැක්වූයේ සිය වම් පාදයෙන් විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියමින්.

ශාරීරික අඩුපාඩු පැවතියත් අනුකම්පාව වෙනුවට හැකියාවෙන් ජීවිතය ජය ගැනීම සදහා සිය දියණියට

නිරන්තරයෙන් මගපෙන්වීම් කළ බවයි රශ්මිගේ පියා වන සරත් ගුණවර්ධන පැවසුවේ.

PICS / NEWS – NETH FM

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »