නිවු සවුත් වේල්ස් විශ්‍රාමිකයන්ට අද සිට නැවතත් නොමිළයේ රැපිඩ් පරීක්ෂණ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශ්‍රාමිකයන් සහ අනෙකුත් වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්ථාව අද සිට නැවතත් හිමිවනවා.

ලබන ඔක්තෝබර් මාසය අවසානය වන තෙක් එය ක්‍රියාත්මක වනු ඇති.

ස්ථාන 200 කට වැඩි සංඛ්‍යාවකදී නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10 ක් සිදුකර ගැනීමට මේ යටතේ අවස්ථාව උදාවනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඔසු සැල් මගින් රැපිඩ් පරීක්ෂණ 10 ක් නොමිළයේ සිදුකර ගැනීමට විශ්‍රාමිකයන් සහ අනෙකුත් වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට පැවති අවස්ථාව පසුගිය 31 වනදායින් නිමාවට පත්වුණා.

පහත කාඩ්පත් හිමියන්ට නැවතත් එම අවස්ථාව අද සිට උදාවනවා.

  • Pensioner Concession card
  • Commonwealth Seniors Health Care card
  • Health Care Card (including Low Income Health Care card)
  • Department of Veterans’ Affairs Gold, White or Orange cards

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »