අධි වේගයෙන් ගියොත් දකුණු ඔස්ටේ්‍රලියාවේ අද සිට නව නීති

රථවාහන වැරදි කිහිපයකට අදාළව වරදකරුවන් වන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය එම අවස්ථාවේදීම තහනම් කිරීමේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත නව නීතිය අද සිට බලාත්මකයි.

අධි වේගයෙන් රිය ධාවනය – රිය අනතුරකදී මරණයක් සිදුවීම වැනි වැරදි මීට අයත්.

මීට අදාළ නීති දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

එමෙන්ම අධි වේගයෙන් රිය ධාවනයය වරදකරුවන් වන පුද්ගලයන්ට වසර 03 ක උපරිම සිර දඩුවමක් සහ වසර 02 කට රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ නීතියද අද සිට බලාත්මක වනවා.

නැවත වරක් එම වරදම සිදුකලහොත් සිර දඩුවම් කාලය වසර 05 ක් දක්වා ඉහළ දැමෙනු ඇති.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »