ඔස්ටේ්‍රලියාවේ ධනවතුන් ආත්මාර්ථකාමී බවට චෝදනාවක්

ලොව සෙසු සංවර්ධිත රටවල්වල ධනවතුන්ට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාවේ ධනවතුන් දිළිඳු ජනතාවට උපකාර කිරීම ඉතා පහළ අගයක පවතින බවට ආන්දෝලනාත්මක වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

CSI හෙවත් සමාජ බලපෑම සඳහා වන මධ්‍යස්ථානය විසිනුයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

ඔස්ටේ්‍රලියාවේ වඩාත් ධනවත්ම පුද්ගලයන් 200 දෙනාගේ වත්කම 2015 වසරේදී පැවතී ඇත්තේ ඩොලර් බිලියන 195.9 ක් ලෙසයි.

එය මේ වනවිට 03 ගුණයකින් වැඩිවී ඇති අතර මේ වනවිට එය පවතින්නේ ඩොලර් බිලියන 555 ක් ලෙසයි.

ඔස්ටේ්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය පවතින්නේ සියයට 0.81 ක් ලෙසයි.

කෙසේවෙතත් එය මහා බ්‍රිතාන්‍යය – කැනඩාව – නවසීලන්තය සහ අමෙරිකාව හා සැසඳීමේදී ඉතා පහළ අගයක් වනවා.

කිසියම් අයුරකින් ඔවුන්ගේ දායකත්වය සියයට 1 ක් ලෙස පැවතියේ නම් ඩොලර් බිලියන 5.55 ක මුදලක් ජාතික ආර්ථිකයට එකතුවන අතර එමගින් සහ සේවා කිසිදු අපහසුවකින් තොරව පවත්වාගෙන යාමටද ඉඩකඩ පවතින බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »