මෙල්බන් මංකිපොක්ස් ආසාධිතයන් සීඝ්‍රයෙන් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ මංකිපොක්ස් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නැවතත් දරුණු අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

පසුගිය සතියේදී පමණක් අලුතින් මංකිපොක්ස් ආසාධිතයන් 20 දෙනෙකු ප්‍රාන්තයෙන් හමුවී තිබුණා.

මින් වැඩිම පිරිසක් හමුවී තිබුණේ මෙල්බන් නගරයෙනුයි.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රීය මංකිපොක්ස් ආසාධිතයන් සංඛ්‍යාව 59 දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.

සැප්තැම්බර් වනවිට මංකිපොක්ස් එන්නත් 20,000 ක් වික්ටෝරියා ප්‍රාන්තයට ලැබීමටද නියමිතයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »