ඉහළ යන ජීවන බරට ද. ඔස්ටේ්‍රලියාවෙන් සැහැල්ලුවක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභීන් සහ විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ගෙවීම ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ නිවාස හිමියෙකුට එක් වරක් පමණක් ගෙවන ඩොලර් 449 ක දීමනාවක්ද කුළියට සිටින අයෙකු නම් ඩොලර් 224.60 ක මුදලක්ද හිමිවනු ඇති.

මෙය මෙතෙක් ගෙවන ලද දීමනාව දෙගුණයකින් ඉහළ දැමීමක් වීම විශේෂත්වයක්.

එමෙන්ම ගෙවීම් සිදුකිරීම මාස කිහිපයකින් ඉදිරියට ගෙන ඇති බවත් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.

පසුගිය සතිය තුළදී පමණක් මෙලෙස ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 78 ක්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »