
ඔස්ට්‍රේලියාව සැප්තැම්බර් 5 සිට වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා Moderna හි Spikevax එන්නත නිකුත් කිරීමට සූදානම් වේ.
දෙමාපියන්ට ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක.
කෙසේ වෙතත්, එන්නත් ලබාගැනීමට වේලාවන් වෙන්කරවා ගැනීමට ඉඩ සැලසීම් තවමත් නොමැත.

වයස අවුරුදු 30-49 අතර ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ට ඔවුන්ගේ දෙවන බූස්ටර් මාත්‍රාව ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
කෙසේ වෙතත්, මාත්‍රා තුනක් ලබා ගත් කාන්තාවන් තුළ දරුණු රෝග ඇතිවීමේ අවදානම ඉතා අඩු බව රජය සඳහන් කරයි.

අඛණ්ඩව සති හතරක් ඉහළ යාමෙන් පසු monkeypox රෝගීන් සංඛ්‍යාව 21% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කරයි.