වික්ටෝරියා රජයට එරෙහිව Lockdown පෙත්සමක්

හෝටල් නිරෝධායනය කළමණාකරණය කිරීමේ දුර්වලතා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජයට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.

2020 ජූලි මාසයේ සිදුකල දෙවන ලොක්ඩවුන් කිරීම හමුවේ සිදුවූ ව්‍යාපාරික පාඩුව ගෙවන ලෙසට ප්‍රාන්ත රජයට නියෝගයක් නිකුත් කරන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.

පළමු ලොක්ඩවුන් කිරීමේදී හෝටල් නිරෝධායනය සාර්ථකව සිදුනොවු බවත් එමගින් ආසාධිතයන් සමාජයට නිරාවරණය වූ බවත් පෙත්සමේ දක්වා තිබෙනවා.

එය නිසි ලෙස සිදුකලේ නම් දෙවන ලොක්ඩවුන් කිරීමක අවශ්‍යතාවයක් උද්ගත නොවන බවත් ව්‍යාපාර වසා දැමීමෙන් මූල්‍යමය පාඩුවක් සිදුනොවන බවත් එහි සඳහන්.

සතියකට ඩොලර් 10,000 ක් ඉපැයූ ඇතැම් ආයතන, ලොක්ඩවුන් කිරීම හමුවේ උපයා ඇත්තේ ඩොලර් 50 ක් වැනි අවම මුදලක් බවද පෙත්සමට ඇතුළත්.

එබැවින් මෙම සියලු කරුණු සළකා බලා දෙවන ලොක්ඩවුන් කිරීමේදී ව්‍යාපාරික ආයතනවලට සිදුවූ මූල්‍යමය පාඩුව වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් අය කර දෙන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »