
මෙම වසරේ ජූලි මාසයට අදාල විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතුරින් දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා.
පෙබරවාරි මාසයේදී ඔවුන් 03 වන ස්ථානයේ පසුවු අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය පසුකර 02 වන ස්ථානයට පැමිණිමටයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත්වී ඇත්තේ.
2021 වසරේ ජූලි මාසයේ නිකුත් වූ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පසුවූයේ 04 වන ස්ථානයේයි.

එහිදී රුහුණු විශ්ව විද්‍යාලය අභිබවා යමින් මෙම වසරේ පෙබරවාරි මාසයේදී 03 වන ස්ථානයට පත්වීමට ඔවුන්ට අවස්ථාව උදා වුණා.
මොරටුව සහ කැළණිය යන විශ්ව විද්‍යාල තවමත් පසුවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වඩා පසුපසිනුයි.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පසුවූයේ 06 වන ස්ථානයේයි.
Sri Lanka
ranking | World Rank | University | Det. | Impact Rank*![]() |
Openness Rank* | Excellence Rank* |
---|