Search

ක්වීන්ස්ලන්ඩ් මුහුණු ආවරණ රෙගුලාසි ලිහිල් කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ අනිවාර්ය භාවිතය අද සිට ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් රෝහල් – මධ්‍යස්ථාන – පොදු ප්‍රවාහනය සහ ගුවන් යානා තුළදී මුහුණු ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වනු ඇති.

ප්‍රාන්ත අගමැතිනී  Annastacia Palaszczuk අවධානම් කාණ්ඩවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුහුණු ආවරණ භාවිතය තවදුරටත් සිදුකරන ලෙසයි.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය මුහුණු ආවරණ භාවිතය දැඩි කරනු ලැබුවේ මීට මාස කිහිපයකට ඉහතදීයි.

කෙසේවෙතත් වෛද්‍ය උපදෙස් අනුව එම රෙගුලාසි ලිහිල් කරන බව ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය කියාසිටියා.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »