Long covid තත්වය හමුවේ දිනපතා ඔස්ටේ්‍රලියානුවන් 31,000 ක් පමණ සේවයෙන් බැහැරව සිටින බව තහවුරු වී තිබෙනවා.
එය සමස්ත කොවිඩ් ආසාධිතයන්ගෙන් සියයට 12 ක් බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ.
මෙය ඔස්ටේ්රලියානු ආර්ථිකයට දැඩි බලපෑමක් බවද විද්වතුන් පෙන්වා දෙනවා.
Long covid තත්වය ලෙස සැළකෙන්නේ සති කිහිපයක් පවතින කොවිඩ් රෝගී තත්වයයි.
මෙම වසරේ මුල් මාස 06 තුළදී කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්රලියාවට අහිමිවූ වැඩ කරන මිනිස් දින ගණන මිලියන 03 ක් බවයි සංඛ්‍යාලේඛණ සඳහන් කලේ.
ලබන සතියේ පැවැත්වෙන රැකියා හා නිපුණතා සමුලුවේදීද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.