ක්වන්ටාස් ඩොලර් බිලියන 07 ක පාඩු ලබයි

ගතවූ මාස 12 තුළදී සිය අලාභය ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇතැයි ක්වන්ටාස් ගුවන් සේවය අද නිවේදනය කලා.

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඔවුන් අඛණ්ඩව අලාභයන් වාර්තාකල 03 වන අවස්ථාව මෙයයි.

මෙම කාලසීමාව තුළ ක්වන්ටාස් ගුවන් සේවය ලබා ඇති සමස්ත අලාභය ඩොලර් බිලියන 1.86 ක්.

සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් කියාසිටියේ කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු සමාගම ලබා ඇති මුලු අලාභය ඩොලර් බිලියන 07 කට අධික බවයි.

ගුවන් ගමන් ප්‍රමාදයන් – සේවක හිගය ඇතුලු කරුණු රැසක් මීට බලපා තිබෙනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »