ඔස්ටේ්‍රලියාවේ විශ්වසනීයම වෙළඳනාමය හෙළිවෙයි

අවසාන කාර්තුවට අදාළව ඔස්ටේ්‍රලියාවේ වඩාත් විශ්වසනීයම වෙළඳ නාමය ලෙසද වූල්වර්ත්ස් තේරීපත්වී තිබෙනවා.

පසුගිය කාර්තුවේදීත් ඔවුන් එම ජයග්‍රහණය හිමිකර ගනු ලැබුවා.

සුප්‍රකට සමීක්ෂණ ආයතනයක් වන Roy Morgan විසින් පුද්ගලයන් 21,000 ක් යොදාගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

ඒ අනුව පළමු ස්ථාන 06 ට Woolworths, Coles, Bunnings Warehouse, ALDI, Kmart & Qantas නම් කර ඇති අතර ඔවුන් අඛණ්ඩව කාර්තු 03 කදී මෙම ශ්‍රේණිගත කිරීම්වලම රැඳී සිටීම විශේෂත්වයක්.

BP, News Corp, Rio Tinto, Nestle, McDonald’s, Optus & AGL යන වෙළඳ නාමයන් මුල් ස්ථාන 20 තුළයි රැඳී සිටින්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »