GL – ඩලස් ඇතුලු පිරිසක් පොහොට්ටුවෙන් පන්නන ළකුණු

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, ලබන මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ මහ සමුළුවේදී ‍මෙම තනතුරු වෙනස් කිරීම් සිදු කරන බවයි.

විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ගනු ලැබූ දේශපාලන තීන්දුවලට එරෙහිව යමින් කටයුතු කළ දැනට පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරු දරණ පුද්ගලයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට ද එහිදී කටයුතු කරන බව සාගර කාරියවසම් කියාසිටියා.

පසුගිය දා පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කලා.

එහෙත්, එහිදී පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් ඊට එරෙහිව වෙනත් මතයක පිහිටා කටයුතු කලා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »