අයවැයෙන් අඩුවන – වැඩිවන දේ ගැන අගමැතිගෙන් ඉගියක්

පෙට්‍රල් බදු කපා හැරීම සැප්තැම්බර් මාසයෙන් ඔබ්බට බලාත්මක් නොවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඩොලර් ට්‍රිලියන 01 ක ණය ගෙවීමට ඉතිරිව ඇති බැවින් ආර්ථික තත්වය හමුවේ පෙට්‍රල් බදු සහනය තවදුරටත් ලබාදීමට නොහැකි බවයි අගමැතිවරයා සඳහන් කලේ.

පසුගිය සතිය වනවිට පෙට්‍රල් මිළ ගණන් තරමක් අඩුවී ඇති බවද ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

කෙසේවෙතත් ලබන ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැය හරහා ඔස්ටේ්‍රලියානුවන්ට සහන රැසක් ලබාදෙන බවයි ඔහු අනාවරණ කර ඇත්තේ.

ඖෂධ මිළ අඩු කිරීම සහ childcare ගාස්තු පහත හෙළීමද ඒ අතර වන බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »