ලංකාවට චොකලට් – පිරිමි යට ඇඳුම් – බටර් ගෙන්වීම තහනම් කරයි

චොක්ලට්, සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස තහනම් කර ඇති භාණ්ඩ අතර කාන්තා සහ පිරිමි යට ඇඳුම්, නිමි ඇඳුම් වර්ග රැසක් ද ඇතුලත්.

මීට අමතරව බටර්, මුදවපු කිරි, යෝගට්, රසකාරක එක් කරන ලද පලතුරු, ඇට වර්ග, චොකලට්, කොකෝවා නිෂ්පාදන ද තහනම් කර ඇති භාණ්ඩ අතරට ඇතුලත්.

එමෙන්ම රැවුල බෑම සදහා යොදා ගනු ලබන ආෆ්ටර්ෂේව් ඇතුළු මුහුණු ආලේපන, සුවද විලවුන් ද තහනම් කර ඇති භාණ්ඩ අතරට අයත්.

මිට අමතරව ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ටයිල් වර්ග, බට වර්ග, ඇලුමිනියම්, විදුරු වර්ග රැසක් ද ආනයන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.

මුද්‍රණ යන්ත්‍ර, වායු සමීකරණ, බර කිරන උපකරණ රැසක් ද මෙලෙස තහනම් කර ඇති භාණ්ඩ අතර තිබෙනවා.

කැමරා උපාංග, ඩිජිටල් කැමරා සහ වීඩියෝ කැමරා, මයික්‍රෝවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර්, විදුලි කේතල්, කෝපි සහ තේ නිපදවන ස්වයංක්‍රිය උපකරණ ද තහනම් කර ඇති භාණ්ඩ අතර ඇතුලත්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »