ගෝඨා ගේ ලංකාගමනය සති 02 කින් කල් යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම තවත් සති 02 කින් පමන කල් යනු ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මීට පෙර වාර්තා වුණේ හිටපු ජනාධිපතිවරයා අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි.

කෙසේවෙතත් ඔහු මෙරටට පැමිණීම ලබන සැප්තැම්බර් මස මුල භාගය දක්වා කල් යනු ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිට තායිලන්තයේ රැඳී සිටිනවා.

එරට රැඳී සිටීමේදී වැයවන පිරිවැය හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට එක් කරුණක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් ඔහු යළි දිවයිනට පැමිණීම කල් යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

රට තුළ ආරම්භ වූ විරෝධතා හේතුවෙන් ඉකුත් ජූලි 13 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගියේ මාලදිවයින වෙතයි.

අනතුරුව ඔහු සිංගප්පූරුව බලා ගිය අතර අනතුරුව තායිලන්තයට පැමිණුණා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි මෙරටට පැමිණීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »