බ. ඔස්ටේ්‍රලියාවේ නිවාස අහිමි පුද්ගලයන්ට එරෙහි ප්‍රහාර ඉහළට

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ නිවාස නොමැති ජනතාවට එල්ලවන හිංසන ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

කාන්තාවන් අතුරින් සියයට 86 ක් සහ පිරිමින් අතුරින් සියයට 50 ක් පසුගිය වසර 02 තුළදී මෙලෙස කුමන හෝ ප්‍රහාරයකට ගොදුරුවී ඇති බවයි එහි දැක්වෙන්නේ.

බටහිර ඔස්ටේ්‍රලියා විශ්ව විද්‍යාලය විසින් වසර 10 ක් පුරා සිදුකල අධ්‍යයනයක දත්ත විශ්ලේෂණය කිරීමෙනුයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන් සැළකිය යුතු පිරිසකට නිවාස අහිමි වී ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව ප්‍රාදේශීය කලාපවල මෙම පහරදීම්වල ඉහළයාමක් නිරීක්ෂණය වන බවද මෙහිදී තහවුරු කරගෙන තිබෙනවා.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »