Dandenong දුම්රිය මගීන්ට සුභ පණිවුඩයක් – Cranbourne ට කුඩම්මාගේ සැළකිලි

මෙල්බන් නගරයේ පොදු ප්‍රවාහනය නංවාලීමේ නව වැඩපිළිවෙලක් වික්ටෝරියා ප්‍රාන්ත හරිත පක්ෂය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සතියේ දින 07 ම සෑම විනාඩි 10 කටම වරක් දුම්රියක් හෝ ට්‍රෑම් රථයක් ධාවනය වන ආකාරයටයි එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

කෙසේවෙතත් Cranbourne, Williamstown සහ Upfield මාර්ග මීට අයත්වන්නේ නැහැ.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගෙන හරිත පක්ෂය එළිදක්වන ලද ප්‍රවාහන සැළසුම්ටයි මෙම යෝජනාව අන්තර්ගත වන්නේ.

ඉදිරි වසර 04 දී මේ සඳහා ඩොලර් මිලියන 800 ක මුදලක් වැය වනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

දැනට කාර්ය බහුල වේලාවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පෙරවරු 09 – පස්වරු 04 වෙනුවට පෙරවරු 07 – රාත්‍රී 07 යන කාලය හඳුන්වාදීමද තවත් යෝජනාවක්.

මේ යටතේ Dandenong, Pakenham, Clifton Hill, Mernda, Hurstbridge, Werribee, Craigieburn, Sunbury, Newport – Glen Waverley ප්‍රදේශවල ජනතාවට වැඩි ප්‍රවාහන පහසුකම් හිමිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »