Search

බටහිර ඔස්ටේ්‍රලියාවේ hospitality රැකියා පුරප්පාඩු 15,000 ක්

hospitality ක්ෂේත්‍රයේ පවතින රැකියා පුරප්පාඩු 15,000 ක් සඳහා අනෙකුත් ප්‍රාන්තවලින් සහ නවසීලන්තයෙන් සේවකයන් ආකර්ෂණය කරගැනීමේ ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 4.4 ක්.

රූපවාහිනි – ගුවන් විදුලි සහ ඔන්ලයින් ක්‍රම මගින් මෙම ප්‍රචාරණ වැඩපිළිවෙල සිදු කෙරෙන අතර බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සුවිශේෂී ලක්ෂණ විදහා දැක්වෙනු ඇති.

hospitality ක්ෂේත්‍රයේ වෘත්තීන් කිහිපයක් සඳහා ඇති නීති රීති ලිහිල් කරමින් ලබාදීම පහසු කිරීමටද ප්‍රාන්ත රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

මේ අතර hospitality සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව නව සේවක පුහුණු කිරීම් සඳහා ඩොලර් මිලියන 3.9 ක මුදලක් වෙන් කිරීමටද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »