Search

මොරිසන්ගේ ඉරණම අද විසඳෙයි

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව ඇමති ධුර 05 ක දිව්රුම්දීම සම්බන්ධයෙන් ලැබුණු නීතිපති උපදෙස් කවරේදැයි අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

හිටපු අගමැතිවරයාගේ ක්‍රියාව නීත්‍යානුකූලද නැතිද යන්න දැනුම් දෙන ලෙසයි අගමැතිවරයා විසින් සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කලේ.

කිසියම් අයුරකින් ස්කොට් මොරිසන් විසින් නීති විරෝධී ක්‍රියාවක් කර ඇතැයි නීතිපතිවරයා විසින් දන්වා ඇත්නම් ඔහුට එරෙහිව නීතිමය පියවරක් ගැනෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

2020 වසරේ මැයි සහ 2021 වසරේ අප්‍රේල් යන කාලය අතරතුරදී එවක අගමැති ස්කොට් මොරිසන් විසින් සෞඛ්‍ය – මුදල් – භාණ්ඩාගාර – ස්වදේශ කටයුතු සහ විද්‍යා හා සම්පත් යන අමාත්‍යධුරවල රහසිගතව දිවුරුම් දී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එවක කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කිරීමකින් තොරව සිදුකල මෙම කාර්ය හේතුවෙන් දචැනට දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ස්කොට් මොරිසන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂය අභ්‍යන්තරයෙන්ම මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත්තේ.

නීතිපති උපදෙස් ප්‍රසිද්ධියට පත් කිරීම ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉතා විරල ලෙසයි සැළකෙන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »