මෙල්බන් විද්‍යාඥයන්ගෙන් පිළිකාවට එරෙහි නව සටනක්

මෙල්බන් විද්‍යාඥයන් පිරිසක් විසින් පිළිකා රෝගය සම්බන්ධයෙන් නවතම අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඩී එන් ඒ තාක්ෂණය යොදාගෙන ජාන ක්‍රියාකාර්ත්වය සම්බන්ධයෙන් ලොව පළමු පිළිකා පරීක්ෂණයයි ඔවුන් ක්‍රියාවට නංවා ඇත්තේ.

මෙමගින් මුල් අවධියේදීම පිළිකා රෝගය හඳුනාගත හැකිවුවහොත් දහස් ගණනකගේ ජීවිත ගළවා ගත හැකි බවයි මෙල්බන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සිදුකෙරෙන මෙම පර්යේෂණය සඳහා පුද්ගලයන් 10,000 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිනවා.

ඉන් 75 දෙනෙකුගෙන් අයෙකු පමණ මෙම පරීක්ෂණයේදී පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනෙනු ඇතැයි අපේක්ෂිතයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »