Search

රැකියා සඳහා විදෙස් ගතවන කතුන්ට වැදගත් පණිවුඩයක්

රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනිමේදි තම බාල වයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වු රැකවරණ වැඩපිළිවෙල සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවූරු කිරිම අනිවාර්ය කර තිබෙනවා.

මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ.

වයස අවුරුදු 02 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර හිමි නොවන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනිමටද අවස්ථාව හිමි වන්නේ නැහැ.

රැකියාවක් සඳහා විදේශ ගතවන කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී තමන්ට දරුවන් සිටින/නොසිටින බව තහවුරු කල යුතු වනවා.

වයස අවුරුදු දෙකට වැඩි සහ අවුරුදු 18 ට අඩු අවිවාහක දරුවන් සිටින මව්වරුන් එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අධ්‍යාපනය සැලසීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධ දිව්රුම් ප්‍රකාශය තමා පදිංචි වසමෙහි ග්‍රාම නිලධාරි ලවා සහතික කර, අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතුයි.

එසේ සම්පුර්ණ කරන ලද ලිපිලේඛන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරී වෙතින් තහවුරු කරගත යුතු අතර එම නිලධාරියා විසින් විදේශ ගතවීම සඳහා නිර්දේශ කිරිම හෝ නිර්දේශ නොකිරිම පිළිබඳ තොරතුරු දුරකථන කෙටි පණිවුඩයක් මගින් කාර්යාංශය වෙත තහවුරු කළ යුතුයි.

කෙසේවෙතත් කාර්යාංශයේ ලියාපදිංචිව රැකියාවක් සදහා විදේශ ගතවී සිට නැවත වීසා සකස් කරගෙන මෙරටට පැමිණෙන කාන්තාවන් හා කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශ ගතවී සිට පැමිණ මාස 6 ක කාලසිමාව තුලදි යළි විදේශ ගතවන කාන්තාවන් මෙම වාර්තාව ලබාදිමෙන් නිදහස් කර තිබෙනවා.

එසේම විශේෂයෙන්ම මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොමැති කාන්තාවන් අනිවාර්යෙන් මෙම වාර්තාව ලබාගත යුතු අතර, එසේ නොවන අයට රැකියාවක් සඳහා විදේශ ගතවීමට කිසිදු අවස්ථාවක් හිමි නොවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාසිටියේ.

නව සංශෝධනයට අනුව ඊයේ දින සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »