නිවු සවුත් වේල්ස් හදිසි ආපදා සහන සේවය වාර්තාවක් තියයි

නිවු සවුත් වේල්ස් හදිසි ආපදා සහන සේවා ඉතිහාසයේ කාර්යබහුලම වසර ගෙවී ගිය මාස 12 දී වාර්තා වී තිබෙනවා.

2021 ජුනි 01 වනදාත් මෙම වසරේ ජුනි 30 වනදාත් අතර කාලයේදී හදිසි සහාය ඉල්ලා ඔවුන්ට ඇමතුම් 64,000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබුණා.

කෙසේවෙතත් පෙර වසරේදී එය සටහන් වී ඇත්තේ 42,000 ක් ලෙසයි.

පසුගිය මාස 12 තුළදී ජල ගැලීම් හේතුවෙන් ගලවා ගැනීම් 2645 ක් / කුණාටු සම්බන්ධ බේරා ගැනීම් 38,000 ක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි ආපදා අංශ විසින් සිදුකර ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මේ අතර ඉදිරි මාස 12 සඳහාද ස්වේච්ඡා සේවකයන් 10,000 කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමට පියවර ගනිමින් ඇතැයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »