වික්ටෝරියා අධිවේගී මාර්ගවල යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගවල වාහන නතර කිරීම් සම්බන්ධ රිය අනතුරු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

වික්ටෝරියා මාර්ග ආරක්ෂණ අංශ පවසන්නේ හදිසි දෝෂ හමුවේ අධිවේගී මාර්ගයේ වාහන නතර කර පිටතට පැමිණීම් හමුවේ මෙලෙස අනතුරු ඉහළ ගොස් ඇති බවයි.

විශේෂයෙන් විශාල ට්‍රක් රථ රියදුරන්ට මාර්ගය මත සිටින පුද්ගලයන් නොපෙනීයාම හමුවේ රිය අනතුරු සිදුවීම බහුලවී ඇති බවද අනාවරණය වනවා.

මෙම වසර තුළදී පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ග ආශ්‍රිත රිය අනතුරු 429 ක් වාර්තා වී තිබෙනවා.

මාර්ගයේ නතර කර ඇති වාහනවලින් පිටතට භාණ්ඩ විසිවීම් සම්බන්ධ සිදුවීම් 120 ක් මෙම කාලසීමාවේදී සටහන්වී ඇති බවද සඳහන්.

එබැවින් වික්ටෝරියා මාර්ග ආරක්ෂණ අංශ අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට දන්වා සිටින්නේ කිසියම් දෝෂයක් ඇතිවු විට වාහනයෙන් පිටතට නොපැමිණ හදිසි ආපදා අංශ අමතන ලෙසයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »