Search

වික්ටෝරියා පාලක රජය සහ ගිනි නිවීම් භටයන් අතර මතභේදයක්

වික්ටෝරියා ප්‍රාන්ත පාලක ලේබර් පක්ෂ රජය සහ වික්ටෝරියා ගිනි නිවීම් භටයන්ගේ සංගමය අතර මතභේදයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ සිය සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව වැඩපිළිවෙලක් සඳහා ඔවුන් විසින් ඉල්ලා තිබූ අවසරය ඉවත දැමීමට ප්‍රාන්ත රජය ගෙන ඇති තීරණයත් සමගයි.

මීට පෙරත් අවස්ථා කිහිපයකදී ඩැනියල් ඇන්ඩෲස් රජය සහ වික්ටෝරියා ප්‍රාන්ත රජය අතර විවිධ කරුණු හේතුවෙන් මතභේද හටගෙන තිබුණා.

ලබන නොවැම්බරයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී වික්ටෝරියා ලේබර් පක්ෂයට ඡන්දය නොදෙන්නැයි ගිනි නිවීම් භටයන්ගේ සංගමය ප්‍රසිද්ධියේ ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරයක්ද දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ යෝජිත සංශෝධන මගින් සේවකයන් බඳවා ගැනීම් වැනි කටයුතුවලදී එම සංගමයට වැඩි බලතල හිමිවන බවයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »