ලාංකික තරුණියක වික්ටෝරියාවෙන් Miss Earth ජාතික අවසන් තරඟාවලියට

2022 මිස් අර්ත් ඕස්ට්‍රේලියානු ජාතික අවසන් තරඟාවලියට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් ලාංකික හිමායා විජයවීර (19) ඉදිරිපත් වී සිටිනවා.

දැනට මෙල්බර්න් හි පදිංචිවී සිටින ඇය, අවුරුදු 6දී ඕස්ට්‍රේලියාවට පැමින ඇත.

දැනට මොනෑශ් විශ්වවිද්‍යාලයේ හෙද උපාධිය සදහා, දෙවෙනි වසරේ ඉගෙනුම ලබනවා.

පසුව ඇය වෛද්‍ය උපාධිය සදහා ඉගෙනුමට බලාපොරොත්තු වෙනවා.

2018 වසරේ ඇය, මිස් ටීන් ඕස්ට්‍රේලියා තරගය ජයග්‍රහනය කර තිබෙනවා.

ඇයගේ මීට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුව මෙලෙස පැහැදිලි කලා.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වීම නිසා අප ස්වභාවධර්මය පුරාවට ගෙන යන සුන්දරත්වය සහ සංස්කෘතීන්ගේ විවිධත්වය අගය කිරීමට මා පෙලඹී ඇත.

STRIVE FOR SUSTAINABILITY- ප්‍රවේශය, අපගේ එදිනෙදා ජීවිතයට තිරසාර භාවිතයන් ඇතුළත් කර ගැනීම සඳහා සාමූහික වශයෙන් අප සමගියෙන් වැඩ කළ යුතු ආකාරය පිළිබඳව සියලු දෙනා ඉලක්ක කරයි!

මෙම සංදර්ශනය අපගේ මාතෘ භූමියේ ආරක්ෂාව සහ සංරක්ෂණය සඳහා අරමුණක් ඉටු කිරීමට දිරිගන්වයි.

තිරසාරත්වය පිළිබඳව අන් අයව දැනුවත් කිරීමට කුඩා පියවර ගැනීමෙන්, මම වඩාත් සැලකිලිමත් වන පරිදි වෙනස සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආලෝකය ගෙන ඒම සඳහා සෞඛ්‍ය සේවා කර්මාන්තය ඉලක්ක කර ගැනීමට මගේ වේදිකාව භාවිතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.

ලොව ප්‍රමුඛ පෙලේ නිරූපණ තරගාවලියක් වන Miss Earth (Australia) හි මෙම වසරේ වික්ටෝරියා pageant director ලෙස ශ්‍රී ලාංකික ඊශා කුලතුංග පසුගියදා පත්වුණා.

මීට ඉහත කිසිම ශ්‍රී ලාංකික කාන්තාවක මෙම තනතුරට ඉදිරිපත් වී නොමැති බවද ඊශා කුලතුංග පවසනවා.

Miss Earth කාන්තාවන්ගේ සුන්දරත්වය පමණක් නොව බුද්ධිමත්භාවය – මිහිතලය ආරක්ෂා කරගැනීමට දක්වන දායකත්වය වැනි කරුණු කෙරෙහිද අවධානය යොමුකරන බැවින් එය ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගනී.

ලොව 03 වන විශාලම pageant එක වන මීට සියලු රටවලින් තරගකාරියන් සහභාගී වනවා.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »