වික්ටෝරියාවට දුම්රිය මාර්ග වෙනුවට රෝහල්

වික්ටෝරියා ප්‍රාන්තයේ උප නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීමට යෝජනා වූ දුම්රිය මාර්ග පද්ධතිය සඳහා වෙන් කල මුදල් සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් යෙදවීමට ප්‍රාන්ත විපක්ෂය තීරණය කර තිබෙනවා.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් ජයගතහොත් එය ක්‍රියාවට නංවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

Frankston සිට Werribee හරහා මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා දිවෙන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදි කිරීම සඳහා වැයවනු ඇති බවට තක්සේරු කර ඇති මුදල ඩොලර් බිලියන 30 ත් 50 ත් අතර වනවා.

එම මුදල් යොදවා Melton / Mildura / West Gippsland සහ Wodonga යන ප්‍රදේශවල නව රෝහල් ඉදි කරන බවටයි වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය සහතික වන්නේ.

වත්මන් ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මුදල් වෙන් කර ඇත්තේ ප්‍රයෝජනවත් ව්‍යාපෘති සඳහා නොවන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »