NSW ජල ගැලීම් ගැන පිටු 700 ක වාර්තාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල ගැලීම් තත්වයකදී ගත යුතු පියවර ඇතුළත් කරමින් සකස් කල පිටු 700 ක වාර්තාවක් අද එළි දැක්වෙනවා.

මූලික වශයෙන් හෝ පූර්ණව ක්‍රියාත්මක කල යුතු නිර්දේශ 28 ක් ඊට අන්තර්ගත බව සඳහන්.

ආපදා කළමණාකරණ සම්බන්ධීකරණය තනි ඇප්ලිකේෂනයක් හරහා සිදු කිරීම / මුදා ගැනීම් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම / ආපදා සහන වෙනුවෙන් වෙනම නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයෙකු පත් කිරීම එම නිර්දේශ අතර වනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට අවසන් වරට බලපෑ ජල ගැලීමේ සමස්ත පාඩුව ඩොලර් බිලියනයකට ආසන්න බව සඳහන්.

ලිස්මෝර් හිදී අද වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරෙන අවස්ථාවට නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ ද සහභාගීවීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »