ඔස්ටේ්‍රලියා Passport අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ටේ‍රලියානු විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදය හමුවේ දුක්ගන්නාරාළ හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට එක් දිනයකට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව 750 කට ආසන්න බව සඳහන්.

ඉන් බහුතරයක දැක්වෙන්නේ විදේශ ගමන් බලපත් ප්‍රමාදය හමුවේ සිය සංචාර සැළසුම් කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදුවූ බවයි.

මේ වනවිට එක් දිනයකට ලැබෙන විදේශ ගමන් බලපත් අයදුම්පත්‍ර සංඛ්‍යාව 15,000 කට ආසන්න වී තිබෙනවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත් කාර්යාලය සියලු අයදුම්කරුවන්ට දන්වා සිටින්නේ අවම වශයෙන් සති 06 ක පොරොත්තු කාලයක් ගතවිය හැකි බවයි.

පසුගිය වසරේදී නිකුත් කර තිබූ ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත් ගණන ලක්ෂ 15 ක්.

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »