කැන්බරා ගුවන් තොටුපළේදී වෙඩි තැබූ සැකකරුට චෝදනා 03 ක්

කැන්බරා ගුවන් තොටුපළේදී ඊයේ වෙඩි ප්‍රහාරයක් සිදුකල පුද්ගලයාට චෝදනා ගොණු කර තිබෙනවා.

63 හැවිරිදි සැකකරුට අනවසරයෙන් ගිණි අවියක් ළග තබාගැනීම ඇතුලු චෝදනා 03 ක් යටතේ නඩු පවරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සැකකරු අද වීඩියෝ තාක්ෂණය හරහා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු නොකෙරුණු බව කැන්බරා වාර්තාවල සඳහන්.

අද දිනයේදී කැන්බරා ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් බාධාවකින් තොරව ක්‍රියාත්මකයි.

සැකකරු විසින් ඊයේ වෙඩි තැබීම් 05 ක් සිදුකර තිබුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »