$ මිලියන 10 ක ව්‍යාජ ගංවතුර වන්දි ඉල්ලීම් ඉවතට

ප්‍රාන්ත කිහිපයකට බලපෑ ජල ගැලීම් හමුවේ යොමු කරන ලද ඩොලර් මිලියන 10 කට ආසන්න වන්දි ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම වන්දි ඉල්ලීම් ව්‍යාජ ඒවා බවට තහවුරුවීම හේතුවෙන්.

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ ජල ගැලීම් හේතුවෙන් පසුගිය පෙබරවාරි 28 වනදා සිට ජූලි 31 දක්වා ගෙවා ඇති වන්දි ප්‍රමාණය ඩොලර් මිලියන 3.5 ක්.

මෙම කාලය තුළදී ලැබී තිබූ වන්දි ඉල්ලීම් අතුරින් 27,770 ක් ව්‍යාජ ඒවා බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අපරාධමය විමර්ශන 793 ක්ද ආරම්භ කර තිබෙනවා.

ජල ගැලීම් වන්දි ලෙස වැඩිහිටි අයෙකුට ඩොලර් 1000 ක්ද බාල වයස්කරුවෙකුට ඩොලර් 400 ක් බැගින්ද ලබාදීමටයි තීරණය වූයේ.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »