ඉන්දියාව තුළ LTTE යළි හිස ඔසවයි ?

ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගාසිටුවීමේ කටයුතුවල නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ ලක්ෂාදීප් ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හා ආයුධ සොයාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයක දී එම තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක්, ස්වයංක්‍රීය ගිනිඅවි සහ උණ්ඩ 1000කට අධික ප්‍රමාණයක් රැගත් ධීවර යාත්‍රාවක් එහි සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සමග පසුගිය වසරේ මාර්තු මස 18 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අදාළ සැකකරුවන් තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි ඉන්දීය ජාතික විර්ශන ඒජන්සිය සඳහන් කර ඇත්තේ.

සිද්ධියට අදාළව පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බවටත් රහසිගත රැස්වීම් පවත්වා එල්.ටී.ටී.ඊය යළි නගාසිටුවීමේ කටයුතුවලට අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »