ඔස්ටේ්‍රලියානු ද්‍රවිඩ සංවිධානයක තහනම ඉවතට

පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති බවයි.

ඒ අනුව ඔස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය – ගෝලීය දෙමළ සංසදය – ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව –

ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය – කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධානවල තහනම මෙලෙස ඉවත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වලදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බවයි.

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »