ඉන්දීය විරෝධය මැද චීන නැවට එන්න ලංකාවෙන් අවසර

චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දී තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර හිමිවී ඇති බවයි.

ශ්‍රී ලංකාව සියලූ රටවල් සමග සහයෝගීතාවයේ සහ මිත්‍රත්වයේ ප්‍රතිපත්තිය නැවත අවධාරණය කරන බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින මත භේදයට තුඩු දුන් මෙම චීන නෞකාව පසුගිය 11 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

එම නෞකාව සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූයේ මෙම නෞකාව කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවට ඉන්දියාව අවස්ථා කිහිපයකදී අදහස් පල කර තිබීම හේතුවෙනුයි.

එවන් පසුබිමක් තුළ ඉකුත් 11 වනදා දිවයිනට පැමි”මට නියමිතව තිබූ යුවාන් වෑන්ග් 5 නෞකාවේ පැමිණීම කල්දමන ලෙස කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දැන්වීමටයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත්දා පියවර ගත්තේ.

එම නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වැඩිදුර උපදේශන ලබා ගැනීමේ අවශ්‍යතාව මත එම සංචාරය කල් දමන ලෙස චීන තනාපති කාර්යාලය වෙත දන්වා යැවූ බවයි.

අදාල නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධීන තීරණයක් ගත හැකි බවට ඉන්දියාව ප්‍රකාශ කළේ එවන් පසුබිමක් තුලයි.

එම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට ඉන්දියාවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා සදහන් කළා.

විදේශ අමාත්‍යාංශය චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබා දීමට තීරණය කිරීමෙන් පසු වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් විසින් නෞකාවට මෙරටට ඇතුළු වීමට අදාළ ලියකියවිලි සදහා මේ වන විටත් අනුමැතිය දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »