Medicare කාඩ්පතක් නැතත් ප්‍රතිවෛරස් COVID පෙති ගන්න වරම්

Medicare කාඩ්පතක් නොමැති පුද්ගලයින්ට ප්‍රතිවෛරස් COVID-19 පෙති ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.

කෙසේ වෙතත්, ඔවුන් Medicare කාඩ්පතක් ඇති හෝ නැති පුද්ගලයින්ට නොමිලේ සේවා සපයන සායන සම්බන්ධ කර ගත යුතුය.

ඔස්ට්‍රේලියාව තුළ ලබා දුන් Pfizer එන්නත් මාත්‍රා මිලියන 43.4කින් පමණ මයෝකාඩයිටිස් පිළිබඳ පැමිණිලි 665ක් ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය වෙත ලැබී ඇත.

අගෝස්තු 7 වන විට Moderna එන්නත් මාත්‍රා මිලියන 5.2 කින් මයෝකාඩයිටිස් පිළිබඳ පැමිණිලි 104 ක් ද වාර්තා කර තිබේ.

මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා mRNA එන්නත් අත්හදා බැලීමේ තුන්වන අදියරේදී ආරක්ෂාව සම්බන්ධ කිසිදු ගැටළුවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

නමුත් දුර්ලභ සිදුවීම් හඳුනාගැනීමට නොහැකි තරම් නියැදි ප්‍රමාණය කුඩා බව එහි සඳහන් විය.

CREDIT – SBS

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »