එංගලන්තයේ තේම්ස් ගංගාවේ තිබී ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුර හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අකිල ගාල්ලගේ නම් තරුණයෙකු බවයි බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කලේ.
පිහිණුම් කටයුතුවල නිරතව සිටියදි හදිසි අනතුරතින් මෙම මරණය සිදුවී ඇතැයිද වාර්තා වනවා.
මෙය සිය දිවි නසා ගැනීමක් හෝ ඝාතනයක් නොවන බවයි බ්‍රිතාන්‍ය බළධාරීන් සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලාංකික තරුණයාගේ ඥාතීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.