
සිඩ්නි දුම්රිය ස්ථානවල අද සිට සති කිහිපයක් බාධක ගේට්ටු (Barriers) විවෘතව පවතිනවා.
දුම්රිය සේවකයන් සිදුකරගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයේ එක් අධියරක් ලෙසයි ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා මෙලෙස Barriers විවෘතව පවතින්නේ.
ප්‍රවේශපත්‍ර නොගෙන ගමන් කරන දුම්රිය මගීන්ට දඩ නිකුත් කිරීමක් හෝ අවවාද කිරීමක්ද මෙහිදී සිදු නොවනු ඇති.

කෙසේවෙතත් කිසිවෙකුටත් ප්‍රවේශපත්‍ර ගැනීමකින් තොරව දුම්රියේ ගමන් කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.
පොලිස් නිළධාරීන් මෙන්ම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත නොවන දුම්රිය සේවකයන් රාජකාරිවල තවදුරටත් නිරතවීමයි ඊට හේතුව වන්නේ.
