නාසි සංකේත තහනම් කල දෙවන ප්‍රාන්තය බවට NSW පත්වෙයි

නාසි සංකේත සහ ස්වස්තික ලාංඡනය ප්‍රසිද්ධියේ භාවිතය තහනම් කල දෙවන ප්‍රාන්තය බවට නිවු සවුත් වේල්ස් පත්වී තිබෙනවා.

එම නියමයන් කඩ කරන පාර්ශව වෙතොත් වසරක සිර දඩුවමක් හෝ ඩොලර් ලක්ෂයක දඩයකට යටත්වීමට සිදුවනු ඇති.

මේ සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ස්වස්තිකය ප්‍රසිද්ධියේ භාවිතය තහනම් කල පළමු ප්‍රාන්තය වූයේ වික්ටෝරියාවයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අනුමත කරගත් නීතියට අනුව අන්තර්ජාලය ඔස්සේ නාසි සංකේත ප්‍රවර්ධනයද තහනම් වනවා.

අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »